කොළඹ බාලිකා පාසලක සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන ගුරුවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ ඇති වූ නොසන්සුකාරී තත්වය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කෙරුණු බවයි.
කෙසේ වෙතත් කොටහේන පෙදෙසේ පදිංචිකාරියක් වන 16 වියැති දැරිය සිය දිවි නසාගෙන මිය ගොස් ඇති අතර ඇගේ පාසලේ ගුරුවරයෙකු විසින් ඇයට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් පෞද්ගලික උපකාරක පන්තියකදී ඇයට අවමානය කිරීමට යොදා ගැනීම මෙය ආසන්න හේතුව ලෙස පැවසේ.
බම්බලපිටිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති නමුදු පසුව ඇප මත නිදහස ලබා තිබේ.
දැරියට යුක්තිය ඉල්ලා අද (08) ඩුප්ලිකේෂන් පාර අවහිර කරමින් විරෝධතාවක්ද පවත්වනු ලැබීය.
අමාත්‍යංශය නිවේදනය පහතින්,






