මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 965 දෙනෙකු රිය අනතුරුවලින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම වසරේ ජනවාරි මස පළමු වන දින සිට මැයි මස 13 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් මෙම පිරිස මියගොස් ඇති බවයි පොලිසිය පෙන්වාදෙන්නේ.
එම කාලය තුළ මාරක රිය අනතුරු 902ක් වාර්තා වී ඇති අතර බරපතළ අනතුරු 1,842ක් වාර්තා වී ඇති බව සඳහන්.
රිය අනතුරු අවම කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.