/ Jun 09, 2025

හොර පාරෙන් රැකියා දුන්න හිටපු ඇමතිනියට වැඩවරදී!

කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාරට කොළඹ මහාධිකරණය හමුවේ අද (6) අධි චෝදනා භාර දී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍යවරියට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකිරීම සිදුකර ඇත්තේ අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද යටතේ ය.

ඇය අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටිය දී නිත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය නොකර එච්. එම්. චන්ද්‍රවංශ නමැති අයෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත්කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා භාරදීම සිදුවිය.

මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදුවූ අතර පසුව විත්තිකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීම සිදුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top