ඇමරිකා එක්සත් ජනපද-ඉරාන න්‍යෂ්ටික සාකච්ඡාවලට දින කිහිපයකට පෙර “ඊශ්‍රායලය” ඒකපාර්ශ්විකව ඉරානයට එරෙහිව ප්‍රධාන ප්‍රහාරයක් දියත් කර ඇති අතර එය විශාල යුද්ධයක් දක්වා වර්ධනය වෙමින් යන අයුරු පෙනෙන භයානක ප්‍රශ්නයක් ලොව ඉදිරියේ ඇත.
ඇත්තවශයෙන් ම ඇමරිකාව, සිදුවන්නේ කුමක්දැයි බලා සිටිමින් පැත්තකට වී සිටිනවා නොවේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සෘජුවම මීට සම්බන්ධ ය. එය විවෘත රහසකි.
ප්‍රහාරය අධීක්ෂණය කළේ එක්සත් ජනපද රජයයි. ඉරානයේ ඉහළ නිලධාරීන් ඝාතනය කිරීමට උපකාරී වන තීරණාත්මක බුද්ධි තොරතුරු වොෂින්ටනය, ටෙල් අවිව් වෙත ලබා දුන්නේ ඇමරිකානු ආයුධ සමඟිනි.
කපටි උපක්‍රමයක් ලෙස ඉරානය සමඟ ව්‍යාජ සාම සාකච්ඡා අධීක්ෂණය කිරීමෙන් ට්‍රම්ප් ඊශ්‍රායලයට ආවරණයක් සැපයීය.
ට්‍රම්ප් ඒකපාර්ශ්විකව මීට පෙරත් ගිවිසුම ඉරා දැමීමෙන් පසු, නව න්‍යෂ්ටික ගිවිසුමක් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද නිලධාරීන් තම ඉරාන සගයන් හමුවූ විට, වොෂින්ටනය සහ ටෙල් අවිව් රහසිගතව මෙහෙයුම සැලසුම් කරමින් සිටියහ.
ප්‍රහාර දියත් කිරීම සඳහා ට්‍රම්ප් පෞද්ගලිකව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට කොළ එළියක් දැල්වීය. ඇමරිකාව ඍජු ගැටුමකට ඇද ගන්නා කලාපීය යුද්ධයක් අවුලුවාලීමට ඊශ්‍රායල් ප්‍රහාර අරමුණු කර ඇත.
මෙසේ කරන්නේ ඇයි?
මීට දිගු පිළිතුරක් සඳහා, ඊශ්‍රායල ‘සියොන්වාදී ව්‍යාපෘතිය’ පිළිබඳ සවිස්තරාත්මක නිබන්ධනයක් අවශ්‍ය වේ. එබැවින් මෙම ක්‍රියාවන් පිලිබඳ කෙටියෙන් විමසද්දී, ‘ඊශ්‍රායලය යනු මනුෂ්‍යත්වයේ මුහුණතෙහි පිළිකාවක්’ බව පැහැදිලිව නිරූපණයවේ.

ඇමරිකාව-බ්‍රිතාන්‍ය-යුරෝපා සංගමය, ඊශ්‍රායලය සන්නද්ධ කිරීමේ ප්‍රතිවිපාකය නම්, ඉරානයේ ටෙහෙරානයට බෝම්බ හෙළීමයි. ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙළා, එරට ඉහළම හමුදා නායකයින් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින්ද ඝාතනය කළෝ ය. මෙය නිර්මාණය කරන ලද අර්බුදයකි.
මේ සියල්ල පිටුපස ඇති ව්‍යාජ ප්‍රබන්ධය නම්, ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනගමින් සිටින බවයි. ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනගන්නේ නැති බව සති කිහිපයකට පෙර ඇමරිකානු බුද්ධි අංශ පැහැදිලි කළේ ය. 2025 මාර්තු මාසයේදී, ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාර්ඩ් කොංග්‍රසයට කළ ප්‍රකාශයන්ට අනුව, ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවන්නේ නැති බවත්, 2003 එය අත්හිටුවීමෙන් පසු උත්තරීතර නායක කුමේනි ආයුධ වැඩසටහනකට අවසර දී නොමැති බවත් පැහැදිලි කළේය. කෙසේ වෙතත්, සමහර වාර්තා කියන පරිදි, ඉරානයේ ඉහළ යුරේනියම් පොහොසත්කම සහ මහජන න්‍යෂ්ටික වැඩසටහන් ගැන ඇමරිකාවේ කනස්සල්ලට හේතු වී ඇත. ඇමරිකනු ජනාධිපතිවරයා තම බුද්ධි අංශ ප්‍රධානියාගේ වාර්තාද ප්‍රතික්ෂේප කරයි.

ඊශ්‍රායල ප්‍රහාරයන්හි අරමුණ, පලස්තීනයට, ලෙබනනයට, යේමනයට හා සිරියාව වැනි විදේශීය අසල්වැසියන් දුබලකර, ජනසංහාරක වර්ණභේදවාදය තුලින් ආරක්ෂාවන රාජ්‍යයක් බිහිකිරීමයි. නමුත් ඉරානය ගාසා තීරය නොවේ. ඒ බැව් මැනැවින් පෙනෙමින් තිබේ.
බටහිර ආසියාව හෝ මැදපෙරදිග කෙරෙහි අධිරාජ්‍යවාදයේ ග්‍රහණය වෙනුවට, බටහිර ආසියාවේ නොනවතින කැළඹිලි තේරුම් ගැනීමට බොහෝ උත්සාහයන් ගෙන ඇතත්, බටහිර විද්වතුන් බොහෝ විට එය කලාපයේ සංස්කෘතික හා ආගමික ප්‍රශ්න ලෙස පැහැදිලිකර ඇත. මෙහි පසුබිම සෙවීම වැදගත් ය.
මන්ද, එම ප්‍රවේශය දෝෂ සහිත බැවිනි. බටහිර ආසියාව වැනි කලාපයක ජනතාව සහ රාජ්‍යවල පාලක පන්තීන් සම්පූර්ණයෙන්ම ස්වාධීන ක්‍රියාකාරීන් ලෙස සැලකීම නොමඟ යවන සහ ඓතිහාසික නොවනවා පමණක් නොව බුද්ධිමය වශයෙන්ද වංක වේ. එබැවින්, එම කලාපයේ සිදුවීම් හැඩගැස්වීමේදී සහ එහි ඉරණම නිර්වචනය කිරීමේදී අධිරාජ්‍යවාදයේ භූමිකාව, විදේශ මැදිහත්වීම් සහ ගෝලීය දේශපාලන ව්‍යුහය සාධාරණ ලෙස ගවේෂණය කිරීම අවශ්‍යවේ. කලාපයේ නොනවතින කැළඹිලි බාහිර මැදිහත්වීම් වලින් වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇත. පැරණි යටත්විජිත පාලනය අවසන් වුවද, බොහෝ රටවල් සීතල යුද්ධ යුගයේ භූ දේශපාලනික එදිරිවාදිකම්වලට යටත්ව පැවති අතර, 1990 දශකයෙන් පසු ඇමරිකාව ආධිපත්‍යවාදී බලවතෙකු ලෙස මතුවීම තුලින් නව යටත්විජිත ගතිකයක් මුල් බැස ගත්තේය.
අධික ලෙස යැපෙන පාලක පන්ති, ඔවුන්ගේ දේශපාලන පැවැත්ම සඳහා බාහිර සහයෝගය මත දැඩි ලෙස රඳා පැවතීම එම කලාපයේ විශේෂත්වය වී ඇත.
මෙම සුවිශේෂී දේශපාලන වාතාවරණය හඳුනාගන්නා අධිරාජ්‍යවාදී බලවතුන්, තම යැපීම ගැඹුරු කිරීම සඳහා එය ක්‍රියාකාරීව ගසාකමින්, භූ මූලෝපායික සහ භූ දේශපාලනික අවශ්‍යතා සඳහා ඒවා භාවිතා කරන ලදී.
මෙම යැපීම වඩාත් පැහැදිලිවම බැඳී ඇත්තේ ආරක්ෂක සහයෝගීතාවය හරහා ය. අරාබි කලාපයේ බොහෝ රටවල් සෘජුව සහ වක්‍රව, ඇමරිකා එක්සත් ජනපදය සහ එහි උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (නේටෝ) සාමාජිකයින් සමඟ මිලිටරි සහයෝගීතාවයන් මත දැඩි ලෙස රැඳී පවතී. අප දකින පරිදි, එවැනි සබඳතා ස්ථාපිත වූ පසු, ගල්ෆ් රාජාණ්ඩුවල තීරණාත්මක දේශපාලන තීරණවලදී ඇමරිකාවට බලපෑම් කිරීමට නොහැකි ය.
මූලෝපායික වශයෙන් වැදගත් භූගෝලීය පිහිටීම, තෙල්-ගෑස් වැනි ස්වාභාවික සම්පතින් පොහොසත් නිධි සහ ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳ මාර්ගයන් ආරක්ෂා කිරීම සඳහා අරාබි කලාපයේ “මිත්‍රශීලී පාලන තන්ත්‍රයන්” තිබීම අධිරාජ්‍යවාදයට අත්‍යවශ්‍ය සාධකයකි. ඊට අමතරව ඒ සඳහා කලාපයේ ඇති එකම විශ්වාසදායක පොලිස්කාරයා ලෙස සේවය කරන ඊශ්‍රායලයේ පැවැත්මද සහතික කළ යුතුය.
ඊශ්‍රායලය මතවාදී ලෙස පමණක් නොව, කලාපය සඳහා අධිරාජ්‍යවාදී උපාය මාර්ගයේ කේන්ද්‍රීය ආයුධය ලෙසද සේවය කරයි. ඒ හෙයින්, පශ්චාත් ලෝක යුධ සමයේ යටත්විජිත බලවතුන්ගෙන් නිදහස ලැබීමෙන් පසු සමාජවාදී පාලන තන්ත්‍රයන් පැවති සහ සෝවියට් සංගමය සමඟ සමීප සබඳතා පැවැත්වූ අරාබි ජනරජයන් අතර අනාරක්ෂිතභාවය පැවතියේය.
ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ අනෙකුත් යුරෝපීය සගයන්ගෙන් ඊශ්‍රායලයට මිලිටරි ආයුධ, අරමුදල් සහ තාක්‍ෂණය අඛණ්ඩව ලැබුණු අතර, එමඟින් කලාපයේ අනෙකුත් රටවලට සෝවියට් සංගමයෙන් ආනයනය කිරීම හරහා ආයුධ සැපයුම් වැඩි කිරීමට සිදුවිය. මෙම අවි තරඟය සහ මතවාදී බෙදීම් වටා ඇතිවූ දෙකඩවීම, සීතල යුද්ධ කාලය පුරාම කලාපය ගැටුම්වල පැටලී සිටීමට හේතුවිය.
තම සගයන්ගේ පැවැත්ම බොහෝ දුරට රඳා පැවතුණේ ඇමරිකාව සමඟ හොඳ සබඳතා පවත්වා ගැනීම මත වන අතර, එය බටහිරට අඛණ්ඩ තෙල් සැපයුම සහ ඊශ්‍රායලයේ ආරක්ෂාව මත බව අර්ථ දක්වා ඇත.
ඉතිහාසය පවසන දේ
ගල්ෆ් රාජාණ්ඩුවලට තර්ජනය හැඳින ගැනීම ගැඹුරු කිරීම සඳහා ඇමරිකාව සහ එහි නේටෝ සගයන් 1979 ඉරාන විප්ලවය පෙන්වා, (ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ, මොහොමඩ් මොසාඩෙග්ගේ රජය පෙරළා බලය ලබාගත් කුරිරු ඇමරිකානු රූකඩ පාලකයා වන රේසා ෂා පහ්ලවි ආණ්ඩුව පෙරළා දැමූ) ඉස්ලාමීය දේශපාලනයේ නැගීම ගැන ඔවුන් බියපත් කළේය.
මෙය, ඉරාන-ඉරාක යුද්ධය (1980-88) සමඟ, කලාපය තුළ තවත් වටයක අවි තරඟයක් ඇති කළ අතර, පර්සියානු ගල්ෆ් රටවල් ලෙස මතුවීමත් සමඟ, ඇමරිකාව සහ නේටෝව මත යැපීම තවදුරටත් ශක්තිමත් වූ සැණින්ම, 1990 දී සෝවියට් සංගමයේ බිඳවැටීම සහ එකම සුපිරි බලවතා ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ නැගීම, බටහිර ආසියානු පාලනයන් ඇමරිකාව සහ එහි සගයන්ගේ මත යැපීම තවදුරටත් තහවුරු කළේය.

මේ අනුව කලාපයේ අතිවිශාල ස්වාභාවික සම්පත් අඛණ්ඩව සූරාකෑමේ යුගයක් ආරම්භ වූ අතර එය පළමු ගල්ෆ් යුද්ධයෙන් පසු ප්‍රධාන ඇමරිකානු හමුදා කඳවුර ලෙස ද මතු විය.
2003 දී ඉරාක යුද්ධය, කලාපයේ ඇමරිකානු අභිප්‍රායන් පිළිබඳ සියලු සැකයන් මකා දැමීය. කෙසේ වෙතත්, ඉරාකයේ සහ පුළුල් අරාබි ලෝකයේ, වගකිවයුතු පාලන සඳහා වූ ව්‍යාපාරවල ස්වරූපයෙන් ඇති වූ ප්‍රතිවිරෝධතා, ඇමරිකාවට තම උපක්‍රම වෙනස් කිරීමට බලකළේය. ලිබියාව වැනි රටවලට ජනප්‍රිය නැගිටීම් තම අතට ගැනීම සඳහා ඇමරිකාව තම උපක්‍රම මාරු කළේය.
සිරියාව සහ යේමනය මෙතෙක් පැවති මැදිහත්වීම්වලට එරෙහිව වඩා හොඳ පාලනයක් ආරක්ෂා කරගැනීමට සමත් විය. මෙය කලාපයේ රජවරුන්ට අනතුරු ඇඟවීමක් වූ අතර, ඇමරිකාවට ඔවුන්ව යටත්කරගැනීම තවදුරටත් පහසු කළේ ය.
චීනය සහ රුසියාව මැදිහත් වීම
කෙසේ වෙතත් මෑතදී, චීනය සහ රුසියාව සමඟ මැද පෙරදිග වර්ධනය වන සමීපත්වය, කලාපයේ වැදගත්ම රාජාණ්ඩු දෙකක් වන සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක අවධානය දිනාගෙන ඇත. එයින්, කලාපය තුළ ස්වයංපාලනය සහ ස්වාධීනත්වය සඳහා වැඩෙන ආශාවක් මතු ව ඇති බව පෙනෙන්නට තිබේ.
චීනය, සෞදි අරාබිය සහ ඉරානය අතර සබඳකම් ඇති කර ගැනීමට පහසුකම් සැලසීය. පසුව ඉරානය කලාපයේ ඇමරිකානු ආධිපත්‍ය පැවැත්මට අභියෝගයක් නිර්මාණය කළේය. ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය (OPEC)+ යාන්ත්‍රණය නිර්මාණය කිරීම සහ COVID-19 වසංගතය අතරතුර සහ පසුව තෙල් මිල තීරණය කිරීමේදී එහි කාර්යභාරය සීමිත නමුත්, ස්වාධීනත්වයක් ක්‍රියාත්මක කිරීම ඇමරිකාවේ උනන්දුවට හානි කළ ආකාරය හොඳ උදාහරණයකි.

මේ හේතුවෙන් අධිරාජ්‍යය බේරා ගැනීමට සහ කලාපය තුළ එහි අධිකාරිය නැවත තහවුරු කිරීමට හදිසි ප්‍රතිචාරයක් අවශ්‍ය විය.
ට්‍රම්ප් නැවත බලයට පත්වීමෙන් පසු, සෞදි අරාබිය වැනි රටවලට එම දිශාවට ගමන් නොකරන ලෙස පැහැදිලිව අනතුරු ඇඟවීය. කලාපයේ රටවලට ස්වාධීන වීමට ඉඩ දීම, තම අවශ්‍යතාවලට අහිතකර බව ඇමරිකාව වටහාගෙන ඇත. ආරක්ෂාව පිළිබඳ නිතර අවධාරණය සහ යුද වාචාල කතා වැඩි වැඩියෙන් භාවිතා කිරීම සීතල යුද්ධ මානසිකත්වයට ආපසු හැරීමක් තුළින් ඉතිහාසයේ ගමන් මග වැළැක්වීමට කරන උත්සාහය පෙන්නුම් කරයි.
සිරියාවේ පාලන වෙනස තුළ ඇමරිකාවේ කැපී පෙනෙන හැකියාවන් පෙන්නුම් කර ඇති අතර, සිරියාවේ අන්තර්කාලීන රජයට නායකත්වය දෙන හිටපු අල්කයිඩා නායකයා තමා විශ්වාස කරන දේ ක්‍රියාත්මක කළ නොහැකි බවත්, දිගු කලක් බලයේ සිටීමට අවශ්‍ය නම් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට යටත් විය යුතු බවත් දනී. සිරියාවේ අල් අසාද්ගේ වැටීමෙන් පසු ඊශ්‍රායලය විසින් සිරියානු භූමිය ආක්‍රමණය කිරීමට විරුද්ධ නොවීමට අල්කයිඩා නායකයා තෝරා ගත්තේ මන්දැයි මෙයින් පැහැදිලිවේ.
කරදරවලින් මිදීමට හොඳම ක්‍රමය නම්, අවම වශයෙන්, ඇමරිකාවට විරුද්ධ වීමෙන් වැළකී සිටීමයි.
මාස පහළොවකට වැඩි කාලයක් 50000කට වැඩි පලස්තීන ජීවිත ඝාතනය කරමින්, ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල ජන සංහාරයේදී කිසිදු අර්ථවත් ක්‍රියාමාර්ගයක් ගැනීමට අරාබියේ කිසිවෙකු එඩිතර නොවූයේ මන්ද යන ප්‍රශ්නයම, අරාබි රාජ්‍යයන්ගේ අවදානම කොතරම්දැයි පැහැදිලි කරයි. සාමූහික උත්සාහයක් ලෙස ඔවුන් මෙම ගැටලුව සම්බන්ධයෙන් රියාද්හි, ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) රැස්වීම් දෙවරක් කැඳවූ නමුත්, එය අභ්‍යන්තර කෝපය සමනය කිරීමේ උත්සාහයක් ලෙස පමණක් පැවතුණි.

ඒ වෙනුවට, අරාබි රාජ්‍යයන් තම රටවල් තුළ ඇති විය හැකි සියලු මහජන අමනාපකම් මර්දනය කිරීමට ස්ථිර පියවර ගත් අතර, එසේ කළේ ඇමරිකාවේ ආශිර්වාදය ඇතිවය. අවශ්‍ය නම්, බලහත්කාරයෙන් ගාසා තීරය අත්පත් කර ගැනීමේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මනඃකල්පිතයන්ට පවා ඔවුන් දිගටම සවන්දෙමින්, ගාසා තීරය නැවත ගොඩනැගීම සඳහා කිසිදු වැඩසටහනක්, මෙම රාජ්‍යයන් කිසිවක් ප්‍රකාශයට පත් කර නැත. සමහර විට ඒ ට්‍රම්ප්ගේ සැලැස්ම අපේක්ෂාවෙන් විය හැකිය.
ට්‍රම්ප්ගේ තර්ජනය කලාපයේ බොහෝ රටවල් ස්වෛරී, ස්වාධීන රාජ්‍යයන් නොවන බව හෙළි කර ඇත.
2024 දී, ඇමරිකාවට කලාපයේ හමුදා කඳවුරු දහනවයක් තිබූ අතර, ඉන් අටක් ස්ථිර ඒවා විය. හමුදා නිලධාරීන් 40,000 කට වැඩි පිරිසක් යොදවා තිබූ අතර, සමහරු කඳවුරුවල සහ තවත් සමහරු කලාපය වටා යුද නැව්වල ස්ථානගත කර ඇත.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියාගේ කලාපීය මූලස්ථානය කටාර්හි ඇති අතර, ඇමරිකානු නාවික හමුදාවේ පස්වන බලඇණිය බහරේනයේ පිහිටා ඇත. අසාද් යටතේ තිබූ සිරියාව හැර, වෙනත් කිසිදු රටක් තම භූමියේ ඇමරිකානු හමුදා යෙදවීමට විරුද්ධ නොවීය.
ට්‍රම්ප් පරිපාලනය විසින් 2020 ජනවාරි 3 වන දින බැග්ඩෑඩ්හිදී ඩ්‍රෝන ප්‍රහාරයකින්, ඉරාන ලුතිනන් ජෙනරාල් කසෙම් සොලෙයිමානි සහ ඉරාක මිලීෂියා නියෝජ්‍ය ප්‍රධානී හෂ්ඩ් අල්-ෂාබි ඝාතනය කිරීමෙන් පසුව, ඉරාක පාර්ලිමේන්තුව සියලු ම ඇමරිකානු ඇතුලු විදේශීය හමුදා තම රටෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා යෝජනාවක් සම්මත කළේය. කෙසේ වෙතත්, දේශපාලන අධිෂ්ඨානයක් නොමැතිකම හේතුවෙන් එම යෝජනාව අද දක්වා ක්‍රියාත්මක වී නොමැත.
ඉරානය නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ කලාපයේ යොදවා ඇති විදේශීය හමුදා කොන්දේසි විරහිතව ඉවත් කර ගන්නා ලෙසයි. කලාපයේ ඇමරිකානු හමුදා ඉරාන විරෝධී හමුදාවන්ට සහාය දෙන බවත්, දේශසීමා ප්‍රහාර එල්ල කිරීම සඳහා ඊශ්‍රායල ඔත්තු සේවා ආයතනවලට නවාතැන් සපයන බවත් ඔවුන් නැවත නැවතත් චෝදනා කර තිබේ.
ආසියා පැසිෆික් කලාපයෙන් පසු ලෝකයේ දෙවන විශාලතම අවි ගැනුම්කරු බටහිර ආසියාවයි. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව වැනි රටවල් වාර්ෂිකව තම ජාතික ආදායමෙන් සැලකිය යුතු කොටසක් ඇමරිකා එක්සත් ජනපදයෙන්, ප්‍රංශය සහ ජර්මනිය වැනි යුරෝපීය රටවලින් අවි මිලදී ගැනීම සඳහා වෙන් කරති.
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයට (SIPRI) අනුව, එම කලාපයේ රටවල් 2024 දී ආරක්ෂක කටයුතු සඳහා සාමූහිකව ඩොලර් බිලියන 220 කට වඩා වියදම් කළ අතර එය කලාපයේ මුළු අයවැයෙන් 15.6% ක් සහ ගෝලීය ආරක්ෂක වියදම්වලින් 9.5% ක් පමණ විය. ලෝක බැංකුවට අනුව, බටහිර ආසියාවේ මුළු දළ දේශීය නිෂ්පාදිතය 2024 දී දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 4.3 ක් විය.
බොහෝ බටහිර ආසියානු රටවල් සඳහා, ඇමරිකා එක්සත් ජනපදය සහ එහි නේටෝ හවුල්කරුවන් ප්‍රධාන අවි සැපයුම්කරුවන් ලෙස සිටින අතර, තම සියලුම අවි වලින් 80% කට වඩා බෙදා හරිනු ලබන්නේ මෙම කලාපයට ය.
මෙම ප්‍රවණතාවය අලුත් දෙයක් නොවේ. 1980 ගණන්වල සිට, මෙම කලාපය ගෝලීය වශයෙන් විශාලතම අවි ආනයනකරු වී ඇත. ඓතිහාසිකව, සෞදි අරාබිය සහ ඉරානය යන දෙකම ඇමරිකානු අවි සැලකිය යුතු ලෙස මිලදී ගන්නන් විය.
අරාබි කලාපයට අවි වෙළඳාම, කලාපයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ අඛණ්ඩව සිදුවීම අතර සෘජු සම්බන්ධයක් තිබේ. කලාපයේ නිරන්තර යුද්ධ සහ ගැටුම් ඇතිවීමට හේතුව ඇමරිකානු සහ එහි නේටෝ සගයින් විසින් ඊශ්‍රායලය ඇතුළු කලාපයේ බොහෝ පාලනයන්ට බාධාවකින් තොරව ආයුධ සැපයීම සහ මිලිටරි සහයෝගය ලබා දීමයි.
අරාබි ලෝකයේ තෙල් හා ගෑස් විකිණීමෙන් රැස් කරගත් අමතර පෙට්‍රෝඩොලර්, කලාපයේ වැඩි දියුණුකර ඇති ඇමරිකානු අවි වෙළඳාමේ ප්‍රධාන ඉලක්කය වී ඇත. තෙල් නිපදවන බොහෝ රටවලට මෙම අරමුදල් දේශීය වශයෙන් ආයෝජනය කිරීමට නොහැකි වීම නිසා, ඔවුන් වෙන් නොකළ පෙට්‍රෝඩොලර් විශාල සංචිතයක් රැස් කරමින් සිටිති.
එසේම, ජර්මනියේ IBM ආයතනය විසින් සපයන ලද තාක්ෂණය නොමැතිව, යුදෙව්වන්, රුමේනියානු ජනතාව සහ ආබාධිතයන් සොයා ගැනීමට, වටලා ඝාතනය කිරීම වැනි අපරාධ නාසි සිදු කළ නොහැකි වූවා සේම, ඊශ්‍රායලයේ පලස්තීනු ජන සංහාරය මයික්‍රොසොෆ්ට් නොමැතිව කළ නොහැකි වනු ඇත. පසුගිය සතියේදී මයික්‍රොසොෆ්ට්, ගාසා තීරයේ ජන සංහාරයේදී ඊශ්‍රායලයට විශාල ප්‍රමාණයේ AI සහ ක්ලවුඩ් ගබඩා සේවා ලබා දුන් බව පිළිගත් බව සඳහන්වේ.
සියොන්වාදීන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් කටයුතු කරන, ඇමරිකානු ඊශ්‍රායල දේශපාලන කටයුතු කමිටුවේ (AIPAC) දැඩි බලපෑම් හේතුවෙන්, ඊශ්‍රායලයට අවි විකිණීම නැවැත්වීම ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂයට කළ නොහැකි දෙයක් බව විශේෂඥයින් පවසයි. එක්සත් ජනපද කොන්ග්‍රස් නීති සම්පාදකයින් තම සේවය ආරම්භ කරන විට ලබා දෙන පළමු දීමනාවලින් එකක් වන්නේ AIPAC විසින් සංවිධානය කරන ලද ඊශ්‍රායලයට නොමිලේ සංචාරයකි. පලස්තීන ප්‍රශ්නය පිළිබඳ සීමිත දැනුමක් ඇති දේශපාලනඥයින්ට සහ ඊශ්‍රායලය ශුද්ධ භූමියක් ලෙස සලකන අයට ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සැලකිය යුතු මූල්‍යමය සහයෝගයක් එමගින් ලැබෙන බවද ඔවුන් සඳහන් කරයි.
අවි කර්මාන්තයෙන් ලැබෙන අරමුදල් සෘජුවම එක්සත් ජනපද කොංග්‍රස් සාමාජිකයින් වෙත යොමු කරන බවත්, පෙන්ටගනය නිතිපතා මාධ්‍ය විවිධ ආකාරවලින් අදහස් වෙනස් කිරීම සඳහා ඔවුන්ට දැනුම් දෙන බවත්, එය පාලනය කරන බවත් යථාර්ථයකි.
එමෙන් ම, ඉහළ මට්ටමේ ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින්ගේ අනන්‍යතා ඊශ්‍රායල බුද්ධි අංශ වෙත ලබා දුන් බවට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ආයතනයට චෝදනා කිරීමෙන් දින කිහිපයකට පසු සහ ඊශ්‍රායල නිලධාරීන් සහ IAEA අධ්‍යක්ෂ ජෙනරාල් රෆායෙල් ග්‍රොසි අතර රහස් සම්බන්ධීකරණය පෙන්වන ලියකියවිලි එළියට කාන්දු කිරීමෙන් පසුව, තවත් ඉරාන බලශක්ති ක්ෂෙත්‍රයේ විද්‍යාඥයින් ඝාතනයකර ඇත.
තවත් කරුණක් නම්, 2023 ඔක්තෝබර් 7 වන දින සිට ඊශ්‍රායලයට ඩොලර් බිලියන ගණනක අවි සැපයීමෙන් ඇමරිකාව ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ඇමරිකානු නීතිය උල්ලංඝනය කිරීමට ඊශ්‍රායලයට හැකියාව ලබා දී ඇත. ගාසා තීරයේ යුද අපරාධවලට ඇමරිකාව හවුල් වී ඇති බැවින්, ජන සංහාරයට වගකිව යුතු පාර්ශ්වයන් අතරට ඉරානය යුද්ධයට ඈඳාගැනීම පිලිබඳ ඇමරිකා එක්සත් ජනපදය වගකීම ගත යුතුය.
මේ අතර, ඇමරිකාව තුල ඉරානයට පහරදීම් පිළිබඳව සැබෑ බෙදීම, ඊශ්‍රායලයට සහාය දක්වන පුද්ගලයින් සහ ඉරානයට හෝ පලස්තීනුවන්ට සහාය දක්වන පුද්ගලයින් අතර නොවේ. සැබෑ බෙදීම ඇත්තේ ප්‍රචණ්ඩත්වය අනියම් ලෙස දිරිමත් කරන අය සහ එය වැළැක්වීමට උත්සාහ කරන අය අතර හා යුදවාදීන් සහ සාමය ඇති කරන්නන් අතර ය.
යුදවාදීන් කවුද?
ඉරානය සමඟ යුද්ධයකට ගුවන් ප්‍රහාර සහ වෙනත් සෘජු ඇමරිකානු මිලිටරි මැදිහත්වීමක් ඉල්ලා සිටින ලෙස අද ඩොනල්ඩ් ට්‍රම්ප්ට කතා කරන ඕනෑම අයෙකු ඔවුන් අතර වේ.
ජර්මනිය, ප්‍රංශය ඇතුලු අන්තර් අත්ලාන්තික් ලිබරල්වාදීන්ගේ වේශය පිටුපස ඇති තම අපරාධකාරී ඉතිහාසය වෙනුවෙන් ඊශ්‍රායලයේ ඉරණමට නිල වශයෙන් සම්බන්ධ වේ, සහයෝගය දැක්වේ.
“ඊශ්‍රායල භූමියට එල්ල කරන ලද ඉරාන අවිචාරවත් ප්‍රහාරය අපි තරයේ හෙළා දකිමු. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අවි ව්‍යාප්ති ගිවිසුම උල්ලංඝනය කරන අතර සමස්ත කලාපයටම – විශේෂයෙන් ඊශ්‍රායලයට තර්ජනයක් එල්ල කරයි.” යනුවෙන් බටහිර නායකයින් ප්‍රකාශකරන්නේ එබැවිනි.
යුද්ධය – ‘ඇමරිකාවේ නිෂ්පාදිත’ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය මැද පෙරදිග පුරා ගැටුම් අවුලුවාලන ආකාරය පිළිබඳ, තියුණු විශ්ලේෂණයක් චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් ඉදිරිපත් කරයි. ඉරානය, උතුරු කොරියාව සහ ලිබියාවෙන් උපුටා දක්වමින්, එක්සත් ජනපද පීඩනය යටතේ සිටින රාජ්‍යයන් සඳහා න්‍යෂ්ටික අවි, තම පැවැත්මේ ආයුධය බවට පත්ව ඇත්තේ මන්දැයි පැහැදිලි කරයි. ඊශ්‍රායලය වොෂින්ටනය මත ගැඹුරින් යැපීමට පටන් ගෙන ඇති බව තර්ක කරයි. ආයුධ සඳහා පමණක් නොව, ඇමරිකා එක්සත් ජනපදය ආරක්ෂාව මුවාවෙන්, තමන්ගේම ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාකවලට එරෙහිව යුද්ධයට ඉඩ දෙනවාද? යි මියර්ෂයිමර් මහාචාර්යවරයා ප්‍රශ්න කරයි.
