“කෙටි ජීවිතයේදී ඔබට ආදරය කරන්නට ලැබෙන්නේ වතාවක් පමණි. එනිසා ඊළඟ ආත්මයේත් ඔබව සොයාගන්නට මම පොරොන්දු වෙමි.” William Shakespeare

ඇවන්හි කවියා
ඔහු හැඳින්වීමට විවිධාකාරයේ විශේෂණයන් යෙදිය හැකි වුවද “ඇවන්හි කවියා” (Bard of Avon) ලෙස හඳුන්වාදීම වඩා සරල බව හැඟේ. ඔහු උපත ලබන දිනය ගැන නිශ්චිත සඳහනක් නොමැති වුවද එය 1564 වසරයි. ඔහු භෞතිස්ම කරනු ලබන්නේ අප්‍රේල් 26 නිසා සාමාන්‍ය සම්ප්‍රදායානුකූලව ඊට දින තුනකට පෙර ,එනම්අප්‍රේල් 23 දින ඔහුගේ ජන්ම දිනය ලෙස පිළිගැනේ.
එංගලන්තේ එම විශිෂ්ටතම නිර්මාණවේදියාගේ පියා වෘත්තියෙන් අත්වැසුම් මසන්නෙක් (glover) මෙන්ම බියර් රස විඳින්නෙකි (beer taster). සිය පියාගේ ව්‍යාපාරික ස්ථානයේ උඩුමහලේ ළමා කාලය ගෙවූ විලියම්ගේ පවුලේ සොයුරු සොයුරියන් සය දෙනෙකි. ලතින් භාෂාවෙන් අධ්‍යාපනය හදාරන ඔහු සිය නම විවිධාකාරයෙන් භාවිතා කළ බැව් ඔහු විසින් යොදන්නට ඇතැයි සිතන අත්සන්වලින් පැහැදිලි වේ. ඉන් එක් නමක් නම් Willm Shakp යන්නයි.
ගැබිණි මනාලිය

විලියම්ගේ විවාහය සිදුවන්නේ ඔහුට අවුරුදු 18 දී පමණය. 1582.10.28 දින ට යෙදුණු විවාහ මංගල්‍යය ඉතා ලහිලහියේ කෙරුණු එකකි. Anne Hathaway නම් වන ඇය විවාහ ප්‍රාප්ත වන විට, විසිහය හැවිරිදි මෙන්ම තෙමස් ගැබිනියකි. ඔවුන්ගේ සබඳතාවය ගැන යම් යම් ඍණාත්මක කරුණු පැවසුණද, විලියම් සිය ජීවිතයෙන් සමුගන්නාතෙක්ම ඔහුගේ බිරිඳ වන්නේ ඇයයි. එමෙන්ම ෂේක්ස්පියර් සිය අවසන් කැමති පත්‍රයේ ‘The Second Best Bed’ පිරිනමන්නේ ඇයටයි. සාමාන්‍යයෙන් ගෘහයක වඩාත්ම සුවපහසු සයනය අමුත්තන් සඳහා වෙන් කෙරෙන නිසා, ‘දෙවැනි හොඳම ඇඳ ‘යන්නෙන් ෂේක්ස්පියර් පවසන්නේ දෙදෙනාගේ වෛවාහික සයනයයි. ඉන් ඔවුන්ගේ ආලිංගන කලාපය මෙන්ම බෙදා හදා ගත් ජීවිතය ගැනද කෙරෙන්නේ යහපත් ඉඟියකි.
පෙම්වත් විලියම්

කෙසේවතුදු ෂේක්ස්පියර්ගෙ ‘අන් සබඳතා’ ගැන ගෙතුණු කතන්දර බොහොමයකි. ඔහු ගේ ‘Dark Lady’ නම් සොනටාවේ (sonnet) පැවසෙන්නේ, විවාහක කාන්තාවක් සමඟ ඇති වූ සරාගික සබඳතාවයක් ගැන වන අතර ෆාතිමා නම් කළු ජාතික ගණිකාවක් හා පෙමින් වෙළෙන ෂේක්ස්පියර් ගැන ලියවුණු Anthony Burgess ගේ අර්ධ පරිකල්පිත නවකතාව නම් කර ඇත්තේ ‘Nothing like the sun’ යනුවෙනි. ෂේක්ස්පියර් ලියූ sonnet 130 හි එන “My mistress’s eyes are nothing like the sun.” යන්නෙන් එහි නම සනිටුහන් කෙරෙන අතර ෂේක්ස්පියර් එම කාව්‍යයෙහි සඳහන් කර ඇත්තේ ඔහුගේ සම්ප්‍රදායික නොවන එම ආදරය හිමි සුරූපිනියගේ රුවද සම්ප්‍රදායික නොවන බවයි.
1998 දී නිමැවුණු ‘Shakespeare in love’ සිනමාපටය ද අපූරු කතන්දරයක් විලියම් නමින් දිග හරී. එහිදී තරුණ විලියම් සිය පරමාදර්ශී කාන්තාව ලෙස Viola de Lesseps නමැත්තිය තෝරා ගනියි. ඔහුගේ අකාලික ප්‍රේම වෘත්තාන්තය වන ‘ Romeo and Juliet’ ලිවීමේ උත්තේජිකාව ඇය වේ. වෙනකෙක් සමග විවාපත් වීමට පොරොන්දු වී ඇති Viola සහ විලියම් අතර දළුලන මනරම් ප්‍රේමය ඔහුගේ වෘත්තීය ජීවිතයද ප්‍රබෝධමත් කරයි.
ඔහු දෙබිඩ්ඩෙක්ද..?

ඇත්තෙන්ම මේ ලෝ පූජිතයා සිය නිර්මාණ සඳහා වංචනික ලෙස අන් නිර්මාණවලින් කරුණු රැගෙන ඇති බවට ද යම් මතයක් ඇත. එකල නොවේ නම් එය plagiarism යටතේ වරදක් වීමටද ඉඩ තිබුණි.
අනික් අතට ඔහු දැවැන්ත නිර්මාණ නිෂ්පාදනාගාරයකි. 1589 හා 1613 අතර වසර විසි හතර තුළ ඔහු නාට්‍ය තිස් අටක්ද, දීර්ඝ කතන්දර ශෛලියේ කාව්‍ය (narratives) දෙකක්ද, සොනට්ස් (sonnets) දාහතරක්ද නිර්මාණය කර තිබේ. නළුවකු මෙන්ම අධ්‍යක්ෂකවරයකු ලෙස සිය නාට්‍ය කෙරෙහි අපූරු බලපෑමක් එක් කරන අතරතුරම ව්‍යාපාරිකයෙක් ලෙස දේපළ මිලදී ගැනීම් හා පරිහරණය කිරීම් යනාදිය ද සාර්ථකව පවත්වාගෙන ගොස් ඇත. ලන්ඩන්හි ප්‍රකට නාට්‍ය ජීවිතය මෙන්ම ඇවන්හි දක්ෂ දේපළ හිමියා ලෙසද විලියම්ගේ ජීවිතය දෙයාකාරය.
1597 දී ඔහු Stratford upon Avon හි විශාලතම නිවස මිලදී ගන්නා අතර Globe නර්තන ශාලාව ද එම වත්කම් අතර විය. විලියම් ඉංග්‍රීසි භාෂාවට වචන තුන්දාහක් පමණ එක්කරන්නට සමත් වූ අතර ඔහු,
‘break the ice’, ‘ melted into thin air’,’ l haven’t slept a wink.’
වැනි අදටත් සුලභ වැකිවල හිමිකරුවාය එමෙන්ම ඔහු සදය උපහාසය පිණිස ලියූ දෑ ද ප්‍රබල ප්‍රකාශ වේ.
කලු මරණයෙන් ගැලවෙන්නා

Bubonic (black death)
වසංගතය පැතිරෙද්දී ඉන් ගැලවීමට විලියම් සමත් වුවද වයස අවුරුදු 11ක් වූ ඔහුගේ පුතා Hannet ඉන් මියැදේ. ඉන් ඇති වූ කම්පනය ඔහු ඉතා අනගි ලෙස මුදා හරින්නේ ‘හැම්ලට්’ නාට්‍යයේ හැම්ලට් කුමාරයාගේ චරිතය තුළිනි.
විලියම් නම් තනි කරාබුවා

ෂේක්ස්පියර් එක්තරා ආකාරයකට බොහීමියන් ස්වරූපයක් ඇත්තෙකි. වම් කනේ රුවා ගත් රත්‍රන් කරාබුව එයට සාධකයකි. ඒ විලාසිතාව ඔහු අනුකරණය කරන්නට ඇත්තේ එකල සේලරුවන්ගෙනි .ඔවුන් සිය රත්‍රන් කරාබුව පැළඳුවේ, මුහුදු ගමනකදී මියැදුණොත් සිය අවමගුල් චාරිත්‍ර ඉටු කිරීමට, අන්‍යයන්ට මූල්‍යමය බරක් නොවීමට නමුදු එහි විලාසිතාමය ස්වරූපය, තරුණ විලියම්ගේ ,රැඩිකල් සිතට ආකර්ෂණයක් වන්නට ඇත.
විලියම් දුම් මුට්ටියක්ද(smoke pot)

ගවේෂණයන්හි දී Avon හි නිවසේ පිටුපස ගෙවත්තේ තිබී හමුවන දුම් පයිප්පවල ඉතිරිව තිබූ සංයෝගයන් නිකොටින් මිශ්‍ර කැනබීස් බවත් ඔහු ඒවා භාවිතා කරා දැයි යම් සැකයක් මතු වුවත් ඒ පයිප්ප ෂේක්ස්පියර්ගේ දැයි සනාථ නොවන නිසා, ඔහු දුමකින් මත්වී ලොවක් මත් කළ නිර්මාණයන්ට ආවේශය ගන්නට ඇතැයි සිතීම හුදෙක් මායාමය හැඟීමකි.
සොරාගත් හිස්කබල

කෙසේ හෝ ෂේක්ස්පියර් මිය යන්නේ ඔහු ඉපදුණු දා ය. එනම් 1616.04.23 දා ය. ඔහු අයත් වසමේ පල්ලිය වන ‘Holy Trinity’ හි ගැතිවරයා සිය දින පොතේ සටහන් කර ඇත්තේ එයට හේතුව උණ රෝගය බවයි. ඒ ‘ typhus’ බවටද සැක පහළ කෙරෙන අතර ඇතමුන් පවසන්නේ හෘදයාබාධයකට විලියම් ලක්වන බවකි. Avon හි කවියා සිය සොහොන් ශිලා ලේඛනය (epitaph)ලෙස සටහන් කරන්නට කියා ඇත්තේ ශාපයකි. එනම් තමන්ට සාමයෙන් නිදා සිටින්නට ඉඩ දෙන ලෙසට ඉල්ලමිනි.
නමුත් එය මායිම් නොකරන එවකට සිටි ‘මිනී ඔලු හොරු’ හිස් කබල රැගෙන ගොස් විකුණන්නට ඇතැයි පුරාවිද්‍යාඥ Kevin Calls, රේඩාර් තාක්ෂණයෙන් සිදුකළ මෙහෙයුමකින් පසුව පවසයි.
එමෙන්ම විලියම් ෂේක්ස්පියර් දෙනක බහා පාංශුගත කර නොමැති බවද හෙළි වී ඇත.
ඉම් ද යම්ද

ඔහු ගේ විශිෂ්ටතම නාට්‍යයක් වන ‘හැම්ලට්’ දුක් ප්‍රාප්තියෙන් කෙළවර වන අතර එහි යම් ජවනිකාවක ජීවිතය හෝ මරණය තෝරා ගැනිමේ අඳුරු කඩඉමේ තනි වන හැම්ලට් කුමරු මෙසේ කියයි.
” To be or not to be that’s the question.”
Hamlet: Act 3: scene 1
එය රූපවාචී බව ඉක්මවනසුලු ගැඹුරු මනෝවිද්‍යාත්මක හෙළිදරව්වකි. ජිවිතයේ එවන් බොහෝ පැතිකඩ, බැඳීම්ගෙ-තීම් මෙන්ම වියෝගයන් තුළින් විචිත්‍රමය කංචුක ලෙස නිර්මාණකරණයට පැළැන්ද වූ විලියම් ෂේක්ස්පියර්ගේ අනන්ත සේයාවන් වදන්වලින් සීමා කළ නොහැක.