බැංකොක් සිට ඉන්දියාව හරහා මෙරටට රැගෙන විත් තිබූ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපොළ රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ.
කුෂ් කිලෝ 3යි ග්‍රෑම් 117ක් එලෙස සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය මිලියන 31ක වටිනාකමකින් යුක්ත වන බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි, කරත්තයක් භාවිතා කරමින් එළවළු වෙළදාමේ නිරත 48 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව මූලික විමර්ශවලදී අනාවරණය වී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තුනට නවන කුඩ 50 ක් ද තායිලන්තයෙන් මිල දී ගෙන, ඒවා අතරින් කුඩ 20ක් ඇසුරුම් තුළින් ඉවත් කර, එම ඇසුරුම් තුළට මෙම කුෂ් මත්ද්‍රව්‍ය පුරවා රැගෙන විත් තිබූ බවයි වාර්තා වන්නේ.
සැකකරු රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට, තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ, එතැන් සිට අද උදෑසන 10.00ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6. ඊ.- 1185 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටු පොළ වෙත පැමිණ තිබූ බවත් සඳහන්.
අත්අඩංගුවට පත් ගුවන් මගියා සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.