ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවයක් පැවැත්විණි.
ඒ අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී වන අතර එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී.
මහජන ගෞරවය වෙනුවෙන් ඇයගේ දේහය ඇය විසූ නුගේගොඩ විජයබා මාවත පිහිටා ඇති නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු හෙට පස්වරු 05.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිතයි.






