/ Jul 29, 2026

පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරී ගිනි අවියෙන් වෙඩි තියාගෙන!

පානදුර වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකයට අනුයුත්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

අද (29) අලුයම පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අසල දී ඔහු සිය ටී-56 ගිනිඅවියකින් වෙඩි තබාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.

මියගොස් ඇත්තේ 28 හැවිරිදි පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top