/ Apr 20, 2025

පුංචි ඡන්දය කවදා ද? – දැනුම්දීම අද

පළාත් පාලන ආයතන 336කට අදාළව පැවැත්වෙන ඡන්ද විමසීමේ නාමයෝජනා භාර ගැනීම අද (20) මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතය.

ඉන් අනතුරුව විරෝධතා දැක්වීමට පස්වරු 1.30 දක්වා හැකියාව පවතින අතර, පසුව පළාත් පාලන ඡන්ද විමසීම සිදු කරන දිනය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කරනු ඇති.

මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළේ, මැතිවරණ නීතිය යටතේ නාමයෝජනා භාර ගැනීම අවසන් වීමෙන් පසු පෙළපාලි හෝ රථ පෙළපාලි පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ලබා දුන් කාලය ද ඊයේ මධ්‍යහන 12න් අවසන් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top