අමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම පවසයි.
මෙම මේ මස 24 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ගෙනආ යෝජනාවට අභියෝගයක් එල්ල කළ හැකි බවයා ඔහු පෙන්වා දෙන්නේ .
සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ අමෙරිකාව බවත් අමෙරිකාව ඉවත් වීම මත ශ්‍රී ලංකාවට හොද අවස්ථාවක් පවතින බවත් නිතීඥ ප්‍රතිභා මහානාම සඳහන් කරයි.