/ Mar 22, 2025

පාසල් දරුවන් ළඟ ජීව උණ්ඩ!

හසලක 7 ඇල ප්‍රදේශයේ කුඩා පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ 30ක් සොයාගැනීමට පොලීසියට හැකි වී තිබේ.

මෙම දරුවන් කිහිපදෙනා ඊයේ (19) නිවෙස් අවට සෙල්ලම් කරමින් සිටින අතරවාරයේ දී ඉන් එක් දරුවෙකුට මෙම ජීවඋණ්ඩ හමුවී ඇති අතර ඉන් පසු එම දරුවා සිය මිතුරන් අතරේ එම ජීවඋණ්ඩ බෙදා දී ඇති බවයි පොලීසිය පවසන්නේ.

එහිදී එක් දරුවෙක් නිවසට ගොස් තමන්ට ලැබුණු ජීව උණ්ඩය ලිපට දමා ඇති අතර එහිදී උණ්ඩය පුපුරා ගොස් ඇත.

පසුව නිවෙස් හිමියන් ඒ සම්බන්ධව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පැමිණ පිපිරීම සිදු වූ නිවස පරීක්ෂා කර සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඉහත තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව අනෙක් දරුවන්ගේ නිවාසද පරීක්ෂා කර බැලීමෙදී දරුවන් සතුව තිබී මෙම ජීවඋණ්ඩ සොයාගැනීමට හැකි වූ බවයි පොලීසිය සඳහන් කරන්නේ.

පළමුවෙන්ම මෙම ජීවඋණ්ඩ හමු වූ දරුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ එම දරුවාට එම උණ්ඩ හමු වී ඇත්තේ ඔවුන්ගේ නිවෙස් අසලම පිහිටි තවත් නිවස දර මඩුවක තිබියදී බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top