/ May 20, 2025

ට්‍රම්ප්ගෙන් තවත් ආන්දෝලනාත්මක තීරණයක්

donald trump

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් සහ පලස්තීන සරණාගතයින්ට ආධාර සපයන ඒජන්සියෙන් ඉවත් කරගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් ජනවාරි මාසයේදී ජනපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙවුණු සති කිහිපයක තුළ විවාදාත්මක තීරණ රැසක් ගැනීමට කටයුතු කළ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අදාළ විධායක නියෝගවලටද ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවයි.

2018 වසරේ ජුනි මාසයේදීත්, අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්කරගැනීමට ට්‍රම්ප් පියවර ගත්තේ එම සංවිධානය නුසුදුසු ජාතීන්ට රැකවරණය ලබාදෙන බව සහ ඊශ්‍රායලය කෙරෙහි නොනවතින පසමිතුරුකම් පෙන්වන බවට චෝදනා කරමිනි.

එවන් පසුබිමක අමෙරිකාව 2021 වසරේදී එවක ජනාධිපති ජෝ බයිඩන්ගේ විධාන යටතේ නැවත එහි නිරීක්ෂකයෙක් ලෙස එක් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top