/ Mar 22, 2025

අර්ජුන් මහේන්ද්‍රන් මෙරට ගෙන ඒම රනිල්ගේ යුතුකමක්!

Arjuna Mahendran Sri Lanka Ranil Wickremesinghe

ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර වංචා නඩු විභාගයට පෙනී සිටීමට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට සියලු පියවර ගෙන ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ ය.

කෙසේ වෙතත් මෙම ගෙන්වා ගැනීමට යම් යම් නීතිමය ගැටලු ඇති බව ද පැවසූ ඇමැතිවරයා, මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින අතර නඩුව ඔහු නොමැතිව ක්‍රියාත්මක වන බවද පැවසීය.

සිංගප්පූරුවේ විවාහ මංගල්‍යයක් වෙනුවෙන් සහභාගී වන බව පවසා අර්ජුන් මහේන්ද්‍රන් රටින් පිටවූ බව හිටපු ජනපති රනිල් පාර්ලිමේන්තුවට පැවසූ බව සිහිපත් කළ ඇමැතිවරයා, ඔහු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම හිටපු ජනපතිවරයාගේ යුතුකමක් බවද කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top