ලොව පුරා හින්දු බැතිමතුන් භක්තියෙන් ස්මරණය කරන මහා ශිවරාත්‍රී දිනය අදට (26)ට යෙදී තිබේ.
මෙදින ශිව දෙවියන් උදෙසා පුදා පූජා පවත්වනු ලැබේ. රෑ නිදිවරා උපවාසයේ යෙදී දෙවියන් කෙරේ පූජා පැවැත්වීම මගින් තමාට මෝක්ෂය ලැබෙන බව හින්දු විශ්වාසයයි.
අඳුර දුරු වී ප්‍රඥා ආලෝකය දැල්වේවා යන පැතුමින් හින්දු බැතිමතුන් අද දිනයේ පුණ්‍ය ක්‍රියාවල නිරත වෙති.