ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් පාසික් නැමැත්තා එළැඹෙන 25 වැනි දින දක්වාරක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඒ,සැකකරු අද (12) කොළඹ අලුත්කඩේ අංක 3 දරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
සැකකරු ඊයේ (11) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඒ ශිරාන් බාසික් නැමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 03ක මුදලක් වැය කරමින් ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් තමන්ගේ නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළවය.
එම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.






