මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පසුව ආරක්ෂක හේතූන් මත වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවන ලද රැඳවියන්ට වධහිංසා පැමිණවීම් සහ අමානුෂික ප්‍රහාර එල්ල වන බවට තොරතුරු වාර්තා වන පසුබිමක, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් අතිශය කනගාටුදායක පුවතක් වාර්තා වේ.
එලෙස මාරු කර යවන ලද රැඳවියන් අතරින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි දිනේෂ් රෂ්මික නැමැති රැඳවියා ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.
මීට අමතරව, එම බන්ධනාගාරයේම රඳවා සිටි තවත් මාරු කරන ලද රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ දරුණු ප්‍රහාරයන්ට ලක්වීම හේතුවෙන් බරපතල තත්ත්වයෙන් හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) මේ වන විට ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.






