/ Jan 31, 2026

Breaking : වෛද්‍යවරියට අතවර කළ සැකකරු අල්ලයි!

මහත් ආන්දෝලනයකට ලක් වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට අතවර කර පළා ගිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

වෛද්‍යවරියගෙන් පැහැරගෙන ගිය ජංගම දුරකතනය ඔස්සේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ගල්නෑව පොලිසිය විසිනි. මෙම සැකකරු මත්ද්‍රව්‍ය සිදුවීමකට රක්ෂිත බන්ධනාගාරගතව හිඳ නිදහස් වී ආ දිනට පසු දින මෙම අපරාධය සිදු කර ඇති බව හෙළි වී තිබේ. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙයට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනයද මේ වන විට ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top