මේ දිනවල පවතින වායු දූෂණ තත්ත්වයත් සමඟ ඇති වන විවිධ රෝගාබාධ හේතුවෙන් ලොව පුරා මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක පමණ පිරිසක් වායු දූෂණය හේතුවෙන් ඇති වන ශ්වසන රෝගාබාධ මත මිය යන බවට සිදුකළ සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ අතර වායු දූෂණය නිවැරදි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වුවහොත් ආර්ථිකමය වශයෙන් ද බලපෑම් එල්ල විය හැකි බවද එම සංගමය සඳහන් කළේය.