අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ, දිලිත් ජයවීර, මහින්ද පතිරණ ඇතුළු 06 දෙනෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරෙෂ් සලේ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට බාධාවන අන්දමින් සහ අධිකරණයට අපහාස වන අන්දමින් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරීන් නිලධාරීන් අද (15) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ.
මෙසේ විමර්ශනයක් අරඹා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ අසංක නවරත්න සහ සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන අයට එරෙහිව ය.
ඔවුන්ට ජුලි 01 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් අධිකරණය දැනුම් දුන්නේ ඔවුන්ට එරෙහිව 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත චෝදනා නගා ඇති බැවින් කරුණු විමසීමකින් පසු අභියාචනාධිකරණයේ හමුවේ පැමිණිල්ලක් ගොනුකිරීම මිස මහෙස්ත්‍රාත් අධිකරණයට එම තැනැත්තන් ගෙන්වීම අවශ්‍ය නොවන බවයි.






