අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, අසංක නවරත්න, සුගීශ්වර බණ්ඩාර සන මහින්ද පතිරණ යන අයට එරෙහිව, අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස, කොටුව මහේස්ත්රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
මෙම පිරිස, පාස්කු- ප්රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන මත පදනම්ව අධිකරණය ලබා දී තිබෙන නියෝග විවේචනය කරමින්, අධිකරණයට අපහාස කිරීම නමැති වරද කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්රාත් අධිකරණයට කරුණු දක්වා තිබුණි.
ඊට අදාලව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ද සිදුකර තිබුණු අතර, එම විමර්ශනයේ කරුණු මත පදනම්ව, බැලූ බැල්ලටම ඉහත පිරිස අධිකරණයට අපහාස කර තිබෙන බව පෙනී යන්නේ යැයි, කොටුව මහේස්ත්රාත් අධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව. මෙම පිරිසට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.






