/ Oct 16, 2026

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධය වළක්වාලමින් අධිකරණ නියෝගයක්!

අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ජනාධිපති සමාව ඉල්ලා භික්ෂුන් වහන්සේලා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ අකර තිබෙන විරෝධයට අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.

ඒ අනුව එම විරෝධතාවේ සිටින පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා 39 දෙනෙකුට සහ උදය ගම්මන්පිල ඇතුළු දේශපාලනඥයන් 11 දෙනෙකු ඇතුළු 59 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයේ රැඳී සිටීම අධිකරණය විසින් තහනම් කර ඇත.

එම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසිනි.

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් මහනුවර සිට දින හයක් තිස්සේ පාගමනින් කොළඹට පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ පස්වරුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක් පවත්වමින් සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top