දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර රිය අනතුරක් සිදුව තිබේ.
මාතර සිට කොළඹ දක්වා ගමන් ගත් බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් සිදුව තිබේ.
එම අනතුරින් පුද්ගලයින් 10කට වැඩි පිරිසක් රෝහලට ඇතුළත් කර ඇති අතර අතර ඒ අතරට පාසල් ළමුන් කිහිප දෙනෙකුද ඇතුළත් බවත් සඳහන්.
පාසල් දරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ කැබ් රථයක් ගැටී ඇති අතර ඒත් සමගම පසුපසින් පැමිණි තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
ඒ අනුව බස් රථ දෙකක්, මෝටර් රථ 6ක් ඇතුළු වාහන කිහිපයක් ගැටී ඇති බව වාර්තා වෙයි.
අනතුරින් පසු ගාල්ල සිට කොළඹ දක්වා ගමන් ගන්නා වාහන දොඩම්ගොඩ පිටවීමේ දොරටුවෙන් හරවා යැවීමට පොලීසිය කටයුතු කර තිබේ.






