/ Sep 21, 2026

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13කට අද (21) නිවාඩු!

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ පාසල් 13කට අද (21) දින නිවාඩු ලබා දුන් බව එම කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරුන් පවසයි.

නුවරඑළිය කලාපයේ පාසල් 156න් පාසල් 4ක් සහ හැටන් කලාපයේ පාසල් 150න් පාසල් 9කට එලෙස නිවාඩු ලබා දී ඇත.

පවතින අයහපත් කාලගුණයත් සමග පාසල් පැවැත්වීම ගැන තීරණය ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් වෙත පවරා තිබෙන අතර නුවරඑළිය සහ හැටන් කලාපයේ අනෙකුත් පාසල්වල අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරුන් වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top