/ Feb 08, 2025

මනූෂ පැය 6ක් CIDයේ

MANUSHA-CID

ප්‍රකාශයක් ලබාදීමෙන් පසු හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

අද (21) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු පැය 6ක් පමණ එහි සිටි බවයි සඳහන් වන්නේ.

ඒ දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියේ ඊයේ (20) කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අධිකරණයට දැනුම් දී තිබුණේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top