බකමූණ, ඇළහැර අලිකන්දවත්තේදී අද (11) අලුයම මෝටර් රථයක් යෝධ ඇළට පෙරැළීමෙන් සිදුවූ අනතුර නිසා දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව බකමූණ පොලිසිය පවසයි.
මිය ගිය දෙදෙනාගෙන් කෙනෙකු ප්‍රකට පරිසරවේදියෙකු වන තිලක් කන්දේගමගේ බිරිඳ වන 72 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරියක් වන අතර අනෙක් පුද්ගලයා සොබාදහම ගොවිපලේ අධ්‍යාපනය සඳහා පැමිණි පුද්ගලයෙකු බව හෙළි වී තිබේ.
මෙම අනතුරෙන් පරිසරවේදියාගේ දියණිය බරපතළ තුවාල ලබා රෝහගත කර තිබේ. වංගුවකදී රථය පාලනයෙන් ගිලිහී ඇලට පෙරළී ඇතැයි අනාවරණය වී ඇත.