කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
ඊයේ (10) එම දෙපාර්තමේන්තුව වෙත කැඳවූ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තේ කතරගම කිරිවෙහෙර විහාරය මගින් හිටපු ජනපති මහින්ද වෙනුවෙන් ගොඩ නැගූ නිවසක් ගැන බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ආරංචිමාර්ග විශ්වාසය පළ කරන්නේ මෙම කැඳවීම එම නිවස සම්බන්ධ විමර්ශනයකට බවයි.