/ Mar 25, 2025

හිටපු ජ්‍යෙ.නි. පොලිස්පතිට දෙවන වරටත් සිර දඬුවම්!

යාපනය පුන්කුඩුතිව්හි ජීවත් වූ ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් නමැත්තා අත්අඩංගුවට නොගෙන මුදාහැරි බවට වූ චෝදනා අධිකරණයේදී ඔප්පු වීමෙන් හිටපු ජ්‍යෙ. නි. පොලිස්පති ලලිත් ජයසිංහ වෙත සිව් වසරක සිර දඬුවමක් නියම කෙරුණි. ඒ වව්නියාව මහාධිකරණයෙනි.

පාසල් සිසුවියක් වූ සිවලෝගනාදන් විද්‍යා මෙලෙස පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමුණේ වර්ෂ 2015දී යි.  මිනීමැරුමකට සැකකටයුතු අයෙකු මෙලෙස මුදාහැරි බවටයි නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා නැගුණේ.

මෙයට අමතරව සිරිගජන් නමැති තවත් පොලිස් නිලධාරියෙකුට බරපතළ වැඩ සහිතව වසර 4ක සිර දඬුවමක් නියම වූ අතර ඔහු මේ වන විට රටින් පැනගොස් සිටින බව වාර්තා වේ.

සිර දඬුවම් ලැබූ ලලිත් ජයසිංහට මෙයට පෙර පස් වසරක සිර දඬුවමක් නියම කෙරුණේ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සම්බන්ධ නඩුවකට කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීම සම්බන්ධයෙනුයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top