මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක රුපියල් 414ක් ලෙස පැවති මිල ගණන් යටතේම පවතින අතර ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382ක් ලෙස ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රුපියල් 495ක් ලෙස ද එලෙසින්ම පවතී.
එමෙන්ම සුපර් ඩීසල් මිල රුපියල් 478ක් ලෙස සහ භූමිතෙල් රුපියල් 285ක් ලෙස පවතින මිල ගණන් යටතේ ම පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.






