/ Mar 12, 2025

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි!

international women's day

ශතවර්ෂයක් පුරා ලොව සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය අදට (80) යෙදී තිබේ. මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වන පිළිගෙන ඇති අතර එය ලෝක කම්කරු ව්‍යාපාරය හරහා ඒ තත්වය උදාකරගත් බව සඳහන් වේ.

1908 දී වැඩ කරන පැය ගණන අඩු කිරීම, සාධාරණ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කළ වෘත්තීය සටන හරහා නිපන්නකි. 1909 දී මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට මූලික වූයේ කොමියුනිස්ට් දේශපාලන ක්‍රියාකාරිණියක වූ ක්ලාරා සෙට්කින් ය.

මේ වන විට වෙළෙඳ සමාගම් සිය නිෂ්පාදන අලෙවි කිරීමේ මෙවලමක් ලෙස කාන්තා දිනය යොදා ගනු ලැබුව ද සැබැවින්ම කාන්තා දිනය මේ දක්වාත් ලොව පුරා පීඩාවට පත් කෙරෙන කාන්තාවන්, අයිතිවාසිකම් අහිමි කර ඇති කාන්තාවන් පිළිබඳ කතිකාව ගොඩ නැගීමට යොදාගත යුතු වන්නේ එහි මූලික අභිමතාර්ථය එය බැවිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top