කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (පුද්ගලික) සමාගම් අධ්‍යක්ෂවරයා එම ආයතනය සම්බන්ධයෙන් මහ බැංකුව ඈඳාගෙන කළ ව්‍යාජ ප්‍රකාශ ගැන ස්වාධීන රූපවාහිනී සේවයෙන් ඉල්ලූ කරුණු පැහැදිලි කිරීම එම සමාගමෙන් මෙතෙක් ලැබී නැතැයි ‘ලංකා ටයිම්ස්’ වෙත විශ්වසනීය ආරංචිමාර්ගවලින් වාර්තා වේ.
මෙම කරුණු පැහැදිලි කිරීම මෙතෙක් ලැබී නැත්තේ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ, මල්වත්තගේ රංජිත් නන්දන පීරිස් නමැත්තා 2026.06.08 වන දින ස්වාධීන රූපවාහිනී සේවයේ ‘පිනි වියන’ රූපවාහිනී වැඩසටහනට එක් වෙමින් කළ ප්‍රකාශ සම්බන්ධයෙනි.






