ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණය නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පලාත්වලත්, ගාල්ල , මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.





