/ Apr 22, 2026

සටන් විරාමය දීර්ඝ කරන්න ඇමරිකාවෙන් තීරණයක්!

ඉරානය සමඟ ඇති කරගෙන තිබූ සටන් විරාම කාල සීමාව තවදුරටත් දිගු කිරීමට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ මෙයට පෙර ඇති කරගෙන තිබු සටන් විරාම කාලසීමාවේ කල් ඉකුත්වීමට පැය කිහිපයකට පෙර බව වාර්තා වේ. සටන් විරාමය අවසන් වූ වහාම ප්‍රහාර එල්ල කරන බවට එක්සත් ජනපද ජනපතිවරයා තර්ජනය කර තිබුණද, පාකිස්තානයේ ඉල්ලීම පරිදි එම ප්‍රහාර එල්ල කිරීම නවතා දැමූ බව ඔහු පසුව පවසා තිබිණි.

කෙසේ වෙතත්, රටවල් කිහිපයක ජීවිත විශාල ගණනාවක් නැති වූ ලෝකයේ සියලු රටවලට පාහේ ආර්ථික බලපෑම එල්ල වූ මෙම යුද්ධය නවතිනු ඇතැයි බලාපොරොත්තු පළ වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top