/ Apr 19, 2025

මහින්ද ලංකාවෙන් පිලිපීනයට යයි

sri lankan airlines

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ලංකාව නියෝජනය කරන විකල්ප අධ්‍යක්ෂ ධුරයේ වැඩ බාර ගැනීමට සූදානම් වන  බව වාර්තා වේ.

තවත් මාස තුනකින් ඔහු දැනට දරණ මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවත්ව එම තනතුර බාර ගනු ඇත. ආසියානු සංවර්ධන බැංකුව මෙම තනතුර සඳහා නමක් ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර ජනපතිවරයා යෝජනා කර ඇත්තේ මහින්ද සිරිවර්ධන ලේකම්වරයාගේ නමයි.

මෙම කාර්යාලය පිහිටා ඇත්තේ පිලිපීනයේ මැනිලා නගරයේ වන අතර ඔහුගෙන් පුරප්පාඩු වන මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය සඳහා දැනට ජනපති ආර්ථික උපදේශක දුමින්ද හුළංගමුව පත් කිරීමට යෝජනා වී ඇති බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top