/ Apr 20, 2025

සමහර ජනාධිපතිවරු හොර පූසෝ – වැටුප් දෙකක් අරන්: ජනපති කියයි

Some presidents receive two salaries: President says

ජනාධිපති ධුරයට පත් වූ පසුව තමාට මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව දැනුම් දුන් බව ජනපති අනුර කුමාර දිසානායක පැවසීය.

එලෙස වැටුප් දෙකක් ලැබෙන බව තමා දන්නේ ද ජනපතිබවට පත් වූ  පසු බව කී ජනපතිවරයා, මීට පෙර සිටි ජනපතිවරුන් මන්ත්‍රී විශ්‍රාම වැටුප මෙන්ම ජනාධිපති වැටුපද ගෙන හොර පූසන් මෙන් සිටි බවද කියා සිටියේ ය.

මන්ත්‍රීවරයෙක් ඇමැති ධුරයක් ගත් පසු ඇමැති වැටුපට අමතරව මන්ත්‍රී වැටුපද ලබාගෙන තිබු බව සඳහන් කළ ජනපතිවරයා සිය රජයේ ඇමැතිවරුන් සේම නියෝජ්‍ය අමාත්‍යවරුන්ද ලබා ගන්නේ මන්ත්‍රී වැටුප පමණක් බව සඳහන් කළේ ය.

ජනාධිපති වරප්‍රසාද පණත සංශෝධනය කරන බව කී ජනාධිපතිවරයා එම පණත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බවත් ඊට සහය දීමට විපක්ෂයටද සූදානම් වන ලෙස දැනුම් දුන්නේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top