ජවිපෙට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ යැයි කියන සිසුන් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි බැසිල් රාජපක්ෂට අයත් යැ යි කියූ දේපොළෙන් එම සිසුන් පිරිස ඊයේ (18) ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.
අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැති හරිනි අමරසූරිය සමඟ කරන ලද සාකච්ඡාවකදී මෙම ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පවරන බව ඇය ප්‍රකාශ කර ඇති බැවින් තමන් ඉවත්ව යන බව අදාළ සිසු පිරිසේ නායකයා ලෙස කටයුතු කරන සසිඳු පෙරේරා පවසා තිබේ.
පොරොන්දුව විශ්වාස කරමින් තමන් ඉවත්ව ගියද ඉදිරි කටයුතු නිරීක්ෂණය කරන බවද ඔහු වැඩිදුරටත් කියා තිබේ.






