/ Aug 15, 2026

වත්කම් හා බැරකම් ප්‍රකාශ සදහා ඇති මහජන ප්‍රවේශය සීමා කරන්නේ නැහැ – රංග දිසානායක

වත්කම් හා බැරකම් ප්‍රකාශ සදහා ඇති මහජන ප්‍රවේශය සීමා කිරීමේ කිසිදු අදහසක් නැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.

කෙසේ වෙතත්, වත්කම් සහ බැරකම් ප්‍රකාශවල මහජන ප්‍රවේශය සදහා විවෘත කළ යුත්තේ සංස්කරණය කළ පිටපතක් බව පනතින්ම නිර්දේශ කර ඇති ඔහු සඳහන් කරයි.

මෙහිදී සංස්කරණය යන්නෙන් අදහස් වන්නේ, බැංකු ගිනුම්වල අංක සහ ජාතික හැදුනුම්පත් අංකය ආදියයි.

කෙසේ වෙතත්, මෙවර ඒ සියළු තොරතුරුද සහිතව වත්කම් බැරකම් ප්‍රකාශ මහජන ප්‍රවේශය සදහා විවෘත වීම සිදුවෙයි.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමේ දී අදාල පුද්ගලයාගේ පමණක් නොව, ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයාගේත් දරුවන්ගේත්, ඔහු ඇය මාස හයකට වඩා වැඩිකාලයක් කිසිවකු සමග ජීවත් වනවානම් ඒ අදාල අයගේත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුව තිබීම මේවා කොමිසම අවධානයට ලක් කර තිබේ.

ඒ අනුව එම සියළු තොරතුරු මහජන ප්‍රවේශය සදහා විවෘත වෙයි.

බැංකු ගිනුම් අංක සහ ජාතික හැදුනුම්පත් අංක වැනි තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතන වෙත පමණි.

මහජන ප්‍රවේශය සදහා විවෘත කර තිබෙන සියළු තොරතුරු ලබා ගැනීමේ අවසරය මහජනතාවට විවෘත වුවද, එම තොරතුරු කුමන අරමුණක් වෙනුවෙන් යොදා ගන්නේද යන්න සීමා කිරීම සිදු වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top