/ Jun 25, 2025

නාමල්ට එරෙහි නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවතට

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් ඉවත්ව තිබේ.

මෙම නඩුව විභාග කළ විනිසුරු මංජුල තිලකරත්න එම නඩුවෙන් ඉවත්වන බව අද (27) පෙරවරුවේ දැනුම් දුන් අතර අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබීය.

එහි දී විනිසුරු සුජීව නිශ්ශංක ද සඳහන් කළේ, තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය.

ඒ අනුව මෙම නඩුවට සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා යළි මැයි මස 21 වැනිදා කැඳවීමට නියෝග කෙරිණි.

ඒ, කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top