/ Jun 19, 2026

රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක සම්පත් කොටියි, ජේවීපී එකයි විනාශ කළා – නාමල් අම්පාරේදී කියයි

”අද ආර්ථිකය ගැන කතා කරන ජේවීපී එක පහුගිය අවුරුදු ටික බැලුවාම වර්තමාන ලංකාවේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් දේශීය ණය විදේශීය ණය වගේ දෙගුණයක් එල්.ටී.ටී. එකයි ජෙ.වී.පි එකයි මේ රටේ විනාශ කරලා තියෙනවා. වර්තමාන රජයේ ණය දේශීය විදේශීය ණයවල වටිනාකම වගේ දෙගුණයක් ආර්ථිකයට හානි කරලා තියෙනවා. එහෙම කරපු අය තමයි විපක්ෂයට චෝදනා කරන්නේ” යැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා අම්පාර ප්‍රදේශයේ ජනහමුවක් අමතමිනි.

මේ වන විට ආණ්ඩුවේ ඇමතිවරු පාස්කු සිදුවීම සම්බන්ධයෙන් එක එක කතා කියමින් තමන්ගේ නොහැකියාව වසාගැනීමට උත්සහ දරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”ඔවුන් උත්සාහ කරන්නේ මේ ප්‍රහාරයේ වැරැද්ද වෙනත් පාර්ශව පිට පටවන්නයි. හැබැයි ඇත්තටම හොයලා බැලුවොත්, මේ සිද්ධියට සම්බන්ධ වුණු අයට උදව් කරපු නීතිඥයෝ ඉන්නේ මොන දේශපාලන පක්ෂවලද, පරීක්ෂණ ෆයිල් යටගැහුවේ කවුද කියලා ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා. අද වෙනකොට ඒ වගේ අයටම ආණ්ඩුව ඉහළ තනතුරු දීලා තියෙනවා. මේවා අහම්බෙන් සිද්ධ වුණු දේවල් නෙමෙයි, තමන් දුන්නු බොරු පොරොන්දු ජනතාවට තේරෙනකොට, ඒකට එරෙහිව නැඟී සිටින ජනතාව මර්ධනය කරන්නයි ආණ්ඩුව මේ දවස්වල සූදානම් වෙන්නේ.”

අනිත් පැත්තෙන් රටේ කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව අද සම්පූර්ණයෙන්ම අසරණ වී සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

”මහ කන්නයට අවශ්‍ය පොහොර ටිකවත් වෙලාවට දෙන්න ආණ්ඩුවට කිසිම සැලැස්මක් නැ. වී ටික විකුණගන්න බැරුව ගොවියෝ ලතවෙද්දී, කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ගත්ත බැංකු ණය ගෙවාගන්න බැරුව තමන්ගේ ව්‍යාපාර වහලා දාන තැනට පත්වෙලා. ආණ්ඩුව කරන්නේ දේශීය නිෂ්පාදකයා නංවනවා වෙනුවට පිටරටින් බඩු ගෙනල්ලා තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට විතරක් මඩි තර කරගන්න ඉඩ දෙන එකයි. මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අද ගමේ අහිංසක එළවළු, පළතුරු සහ වී ගොවියා වගේම උක් ගොවියත් සම්පූර්ණයෙන්ම ණය බරින් මිරිකිලා ඉවරයි.

රටේ මූල්‍ය පාලනය සහ සංවර්ධන කටයුතු දිහා බැලුවත් තත්ත්වය ඕකම තමයි. රට හදන්න කියලා එක එක අරමුදල් ගැන කිව්වට, අද පාර්ලිමේන්තු කමිටුවලදී හෙළි වෙන්නේ එහෙම අරමුදලක්වත් නැති බවයි. ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලටයි. ඒ ගැන ඇහුවම කියන්නේ තාක්ෂණික වැරැද්දක් නැත්නම් අතපසුවීමක් කියලයි. ගමේ ඉන්න අහිංසක මනුස්සයෙක් තමන්ගේ ගිණුමට කීයක් හරි දාගත්තොත් බදු ෆයිල් අදිමින් ප්‍රශ්න කරන නිලධාරීන්, ආණ්ඩුවට සම්බන්ධ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගිණුම්වලට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැරදි විදිහට යද්දී කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ.”

”අද ආර්ථිකය ගැන කතා කරන ජේවීපී එක පහුගිය අවුරුදු ටික බැලුවාම වර්තමාන ලංකාවේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් දේශීය ණය විදේශීය ණය වගේ දෙගුණයක් එල්.ටී.ටී. එකයි ජෙ.වී.පි එකයි මේ රටේ විනාශ කරලා තියෙනවා. වර්තමාන රජයේ ණය දේශීය විදේශීය ණයවල වටිනාකම වගේ දෙගුණයක් ආර්ථිකයට හානි කරලා තියෙනවා. එහෙම කරපු අය තමයි විපක්ෂයට චෝදනා කරන්නේ. වැඩ කරන්නෙත් නෑ.තමන් විනාශ කරපු දේවල් හදන්නවත් අඩුගානේ උත්සාහ කරන්නේ නෑ.අනිත් එක තර්ජනය මර්ධනයෙන් බය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය කරගෙන යන්න උත්සාහ කරනවා.අපි අමාත්‍යාංශවල නිලධාරී හම්බවෙනකොට කොළඹ සමහර තැන්වලට යද්දි මේ සිවිල් ආරක්ෂක බලකායේ හිටපු තරුණ පිරිස් අද ඒවාට මාරු කරලා යවලා. සිවිල් ආරක්ෂක බලකාය හැදුවේ ගමේ ජීවත් වන ගමන් ගම ආරක්ෂා කරන්න. ඒක තමයි සංකල්පය.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top