ශ්‍රීලන්කන් ගුවන් සේවය සතු යානා තුනක් වසර ගණනාවක් පුරා භාවිතයට නොගෙන තිබිය දීත් ඒ සඳහා මසකට ඩොලර් ලක්ෂ 9ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතැයි අද (25) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම විසින් මේ බව හෙළි කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව ඇති සමස්ත ගුවන් යානා සංඛ්‍යාව 22ක් බවයි.
මේ වනවිට ප්‍රධාන ගුවන් සේවයට අදාළව සේවකයින් 3,194ක් සහ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල සේවකයින් 2,862ක් සේවය කරන බව සඳහන්.