/ Mar 25, 2025

කළුතර හෙල්ලූ “පෙති රංග” දැලේ

2 people arrested

කළුතර හා අවට ප්‍රදේශ රැසක අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරමේ නිරතත වූ ජම්බුවාගේ මදුරංග සිල්වා නොහොත් “පෙති රංග” ඊයේ (24) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර උතුර පොලිස් වසමේ දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේදී කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර අදාළ සැකකරු විසින් කළුතර උතුර දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේ සැකකටයුතු ලෙස මෙම ජාවාරම සිදුකර ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, මත්කරල් 18ක්, අයිස් මත්ද්‍රව්‍ය මැන බැලීම සඳහා භාවිතා කරන කුඩා ප්‍රමාණය ඩිජිටල් තරාදියක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් රුපියල් 50,000ක මුදලක් ද එම ජාවාරම සිදුකරගෙන යාමට භාවිතා කළ ජංගම දුරකතනයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top