දැනට පවතින පාතාල කල්ලි ක්‍රියාකාරකම් ඇතුළු යම් යම් අපරාධවල සිදුවන වර්ධනයන් පිටුපස වෙනත් බලපෑමක් පවතින්නේදැයි ආරක්ෂක අංශවලට සැකයක් මතුව ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ජනපති අනුර දිසානායක විවිධ අවස්ථාවන්හිදී ජනතාවට සමීප ලෙස ඔවුන් අතරට යෑම ජනපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක්ව ඇතැයි බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි ද වාර්තා වේ.
වෙනත් ජනපතිවරුන් මෙන් නොව වත්මන් ජනපතිවරයා ජනතාව අතරට යෑම සහ ඔවුන් හා කරන සුහද කතාබහ වැඩි බව බොහෝ දෙනා නිරීක්ෂණය කර තිබිණ.
කෙසේ වෙතත් ආණ්ඩුවේ විවිධ අංශ ආරක්ෂාව ගැන කරන ප්‍රකාශ කෙසේ වුවත් ජනපතිවරයාගේ ආරක්ෂාව තහවුරු විය යුතු බව විචාරකයන් පවසති.
ජනතාව අතරට යෑම අවම කරන ලෙස ආරක්ෂක අංශ ජනපතිවරයා වෙත උපදෙස් දී ඇති බවද කියැවේ.