/ Jul 08, 2026

සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතිෂේප වෙයි!

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්ව සිටි සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.

සැකකරුට ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේ.

ඒ අනුව සැකකරු ලබන 22 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top