/ Jul 08, 2026

බන්ධනාගර ගැටුමෙන් දිවි අහිමි වූ නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට රැගෙන එයි!

මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රථ පෙරහැරකින් රැගෙන විත් තිබේ.

එම නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

පසුගිය 6 වනදා උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ බන්ධනාගාර රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හේතුවෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

අදාළ ගැටුම පළමු වරට පසුගිය 05 වැනිදා දහවල් කාලයේ හට ගෙන තිබුණු අතර එය රාත්‍රිය වන විට සමථයකට පත්ව තිබුණද 06 වැනිදා උදෑසන යළි ගැටුම හටගෙන තිබුණි.

රැඳවියන් අතර එම ගැටුම ඇතිව තිබුණු අතර ගැටුම වැළැක්වීමට මැදිහත්වූ නිලධාරීන්ට එහිදී පහර එල්ල වී තිබුණු අතර පහර කෑමට ලක්වූ නිලධාරීන් 07 දෙනෙකු ජිවිතක්ශයට පත්වූ අතර විශාල ගල් සහ පොලු වලින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

රැඳවියන් අතර ඇති වූ එම ගැටුමෙන් රැඳවියන් 20 දෙනෙකුද මිය ගොස් තිබෙන අතර තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top