/ Sep 25, 2026

බහුතර ජන්දයෙන් 22 සම්මතයි!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 158 ක් සහ විපක්ෂව ඡන්ද 63ක් හිමි විය.

මෙම පනත් කෙටුම්පතට එරහිව විපක්ෂ කණ්ඩායම් විශාල විරෝධයක් දැක්වූ අතර එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පමණක් නොව ජනමත විචාරණයක්ද අවශ්‍ය බවට ඔවුන් අවධාරණය කරන ලදී.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ මතය වූයේ පනත් කෙටුම්පත් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ප්‍රමාණවත් බවයි.

ඒ අනුව ඊයේ (24) සහ අද (25) යන දින දෙකේ ඊට අදාළ විවාදය පවත්වන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top