ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර තහවුරු කර තිබේ.
මෙම සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ද ඉහළ නැංවීමට නියමිතයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් (පළමු කියවීමෙන්) පසුව එහි ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීම සඳහා දින 14ක කාලයක් හිමිවේ.
මෙම යෝජිත සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), අධිකරණ සේවා සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ගණනාවක් ද සිය විරෝධය පළකර තිබේ.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහාම ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට මෙම පාර්ශව සූදානමින් පසුවන බවද සඳහන්.
පෙත්සම් විභාගයෙන් පසු දින 3ත් 21ත් අතර කාලයකදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකවරයා වෙත දැනුම් දීම සිදුවන අතර මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණ ක්ෂේත්‍රයේ පූර්ණ පද්ධතිමය වෙනසක් රජය අපේක්ෂා කරයි.






