/ Jun 16, 2026

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණයට එක්වෙයි!

2009 වසරේ සිට මේ දක්වා කාලසීමාවේදී ගල් අඟුරු ආනයනයේදී සිදු වු බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ඩී.වී. බන්දුලසේන මහතා ඇතුළු විමර්ශන නිලධාරීහු පසුගිය 14දා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.

මෙහිදී සිදුකළ ස්ථානීය පරීක්ෂාවේදී ගල් අඟුරු ගොඩබෑමේ සිට ගල් අඟුරු මගින් විදුලිය ජනනය කරන තෙක් වන සම්පූර්ණ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන ලද අතර, ගල් අඟුරු ගොඩබෑම, ගබඩා කර තැබීම, අහඹු නියැදි සාම්පල ලබා ගැනීම, නියැදි පරීක්ෂණය හා ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට මෙම අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාවේ රජයට අයත් සී/ස ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මඟින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබ ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top