රජය විසින් හෙක්ටයාරයකට ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් අද (05) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග පැවසුවේ 502,836 දෙනෙකුට මෙම සහනාධාරය හිමිවන බවයි.
ඒ සඳහා රජය විසින් රුපියල් මිලියන 10,947ක් වැය කරන අතර එම මුදල එකවර ගොවි ගිණුම්වලට බැර කරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.






