/ Oct 10, 2026

ආපදා අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරිමේ ව්‍යාපෘති මණ්ඩලය පළමු වරට රැස්වෙයි!

මෙරට ආපදා අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරිමේ ව්‍යාපෘති මණ්ඩලයේ පළමු රැස්වීම ආරක්ෂක අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වා තිබුණු අතර ජාතික මට්ටමින් ආපදා අවදානම් කළමනාකරණ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම ආයතනික පූර්ව සුදානම ඉහළ නැංවීම සහ අදාළ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන නියෝජිතායතන අතරේ අන්තර් සම්බන්ධිකරණය වඩාත් කාර්යක්ෂම කිරීම කෙරෙහි මෙහිදි මූලික අවධානය යොමුව ඇත.

ආපදා අවදානම් අවම කර ගැනීම, පූර්ව සුදානම, හදිසි ප්‍රතිචාර දැක්විම මෙන්ම ආපදාවෙන් පසු යථාතත්ත්වයට පත්කිරිමේ යාන්ත්‍රණයන් සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහයෝගීතාව මෙන්ම සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය බවයි ආරක්ෂක ලේකම්වරයා එහිදී කියා සිටියේ.

එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ මෙන්ම යුරෝපා සංගමයේ නිලධාරීන් ද ඊට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top