/ Jun 15, 2026

රුපියල යළි නැගිටියි !

අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (15) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.34ක් වූ අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 336.58ක් වශයෙනි.

පසුගිය සිකුරාදා (12) දිනයේදී ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස පැවති අතර, එහි විකිණුම් මිල සඳහන් වූයේ රුපියල් 341.36ක් ලෙසයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top