/ Apr 19, 2025

නොසිතූ නිමේෂයක දිවියට සමු දුන් සරසවි ආචාර්යවරයා

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත ඊයේ (18) රාත්‍රී කාලයේ දී මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කුරුණෑගල සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහුගේ දරුවන් තිදෙනා, බිරිඳ සහ තවත් දෙදෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සිය දරුවන් තිදෙනා සහ බිරිඳ සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී ඔහු මෙලෙසෙ අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව තිබුණි.

අනතුර සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top